බටහිර අප්‍රිකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින එබෝලා වෛරසය ජාත්‍යන්තර සෞඛ්‍යයේ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, වෛරසය පැතිරීම නවත්වමින්, ආපසු හැරවීමට ඒකාබද්ධ ජාත්‍යන්තර වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් එකතුව, ස්විට්සර්ලන්තයේදී දින දෙකක හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව මෙම නිවේදනය කර තිබේ.
මේ දක්වා, එබෝලා වැළඳීම හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල පුද්ගලයන් 960 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පෙන්වා දෙන්නේ එබෝලා වෛරසය පැතිරීම අතිශය බැරෑරුම් තත්ත්වයක් උද්ගත කර ඇති බවයි.