එදාමෙදා තුර අතිශය දරුණු ලෙස පැතිරෙමින් පවතින එබෝලා වෛරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකානු මහජන සෞඛ්‍ය විශේෂඥයන් 50 දෙනෙකු බටහිර අප්‍රිකාවට යවන බව එරට බලධාරීහු පවසති.
ඇමෙරිකානු සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ එබෝලා පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමක තිබුණත්, එය පාලනය කළ යුතුව ඇති බවයි.
බටහිර අප්‍රිකාවේ ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් රාජ්‍යයන්හි ජීවිත 728ක් එබෝලා වෛරසය විසින් මේ වසර තුළ බිලිගෙන ඇති අතර, වර්තමානයේදී එහි මරණ අනුපාතය 55%ක අගයක් ගෙන තිබේ.
මේ අතර, එබෝලා වෛරසය ශරීරගත වීම හේතුවෙන් විශේෂ ආරක්ෂිත යානයකින් නැවත ගෙන්වා ගනු ලැබූ ඇමෙරිකානු වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව කියයි.
එමෙන්ම, වෛරසය ශරීරගත වූ තවත් ඇමෙරිකානු සහන සේවිකාවක් අද හෝ හෙට ඇමෙරිකාව වෙත නැවත ගෙන්වා ගැනීමට නියමිත බවද පැවසෙයි.