ලොව පුරා කතාබහට ලක්ව ඇති ඉරානයේ අරාක් බැර ජල නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරිතවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරමානුක ඒජන්සියේ නිරීක්ෂකයන් පිරිසක් පසුගියදා කටයුතු කළ බව වාර්තා වෙයි. මෙම සංවිධානයේ නිරීක්ෂකයන් වසර දෙකක කාලයකට පසුව ඉරානයේ පරීක්ෂණයක් සඳහා පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි.
ඉදිරි මාස හයක කාලයක් තුළදී ඉරානය න්‍යෂ්ටික වැඩසටහන් අඩු කරන බවට බටහිර රටවල් හා ඇති කර ගත් එකඟතාවෙන් සති දෙකකට පසුව මෙම නිරීක්ෂණ කටයුත්ත සිදු විය. මේ කාලසීමාවේදී අරාක් බලාගාරය නිරීක්ෂණය සඳහා තමන් අවසරය ලබාදෙන බව ඉරාන බලධාරීහු එහිදී පොරොන්දු දුන්හ. මෙම බැර ජල නිෂ්පාදනාගාරය හරහා ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට යොදාගන්නා ප්ලෝටෝනියම් නිපදවන බවට අසල්වැසි ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරයි.