එක් දරුවෙකුට සීමාවීමේ නීතිය පසුගිය වසරේදී චීනය විසින් ලිහිල් කිරීමත් සමග වර්ෂ 2000 ට පසුව එරට තුළ දරු උපත් අනුපාතයේ ඉහළම අගය වාර්තා වන බව බලධාරීහු පවසති.
ඒ අනුව, 2016 වසර තුළ චීනයේ නව දරු උපත් මිලියන 18.46ක් වාර්තා වන අතර, එය 2015 වසරට සාපේක්ෂළු 11.5% ක වර්ධණයක් බව චීනයේ ජාතික සෞඛ්‍යය හා පවුල් සැලසුම් කොමිසමේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම, 2016 වසර තුළ උපත ලැබූ 45% ක් පමණ වන දරුවන්ට ඔවුන්ට වැඩිමහලු සහෝදරයෙකු හෝ සහෝදරියෙකු සිටින බවද එම දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, වර්ෂ 2020 වනවිට වසරකට මිලියන 17 - 20ත් අතර නව දරු උපත් සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බවද එම කොමිසමේ දත්ත වාර්තා වැඩිදුරටත් පවසයි.