කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශ කිහිපයක වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මේ ආකාරයෙන් ඇඳිරි නීතිය පැනවීමට හේතු වී තිබෙන්නේ ප්‍රාදේශීය බෙදුම්වාදී නායකයකු වූ මොහමඩ් අෆ්සාල් ගුරු එල්ලා මරා දැමීමේ ප්‍රථම සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් වැලැක්වීම බව කියැවෙයි. මෙම සංවත්සරය සැමරීම වෙනුවෙන් ප්‍රාන්තය පුරා වැඩවර්ජන අරඹන ලෙස විවිධ බෙදුම්වාදී කණ්ඩායමක් සේවකයන්ගෙන් ඉල්ලීම් කර තිබුණු බවද කියැවෙයි.
මේ තත්ත්වය තුළ ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ශ්‍රීනගර්හි සියලු කඩ සාප්පු වසා දමා ඇති ආකාරය දැකිය හැකි වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අෆ්සාල් ගුරු, 2013 වසරේ ජනවාරි 9 වැනි දින එල්ලා මරා දැමුණි.