උතුරු කොරියානු දේශසීමා පැන පළා එමින් සිටියදී එරට හමුදා වෙඩි පහරින් තුවාල වී සිටි සෙබලාගේ ආහාර මාර්ගය තුළ පරපෝෂිත පණුවන් රැසක් සිටි බව දකුණු කොරියානු වෛද්‍යවරු පවසති.
පසුගිය සඳුදා දිනයේදී මෙම සොල්දාදුවා දේශසීමා පැන දකුණු කොරියාව දෙසට පළා ඒමේදී උතුරු කොරියානු හමුදා ඔහුට වෙඩි තැබීය. කෙසේවෙතත්, තුවාල වී සිටි සෙබලා වහාම රෝහල්ගත කිරීමට දකුණු කොරියාව කටයුතු කළේය.
රෝගියාගේ තත්ත්වය බරපතල නොවූවත්, ඔහුගේ බඩවැල් තුළ මින්පෙර නොදුටු අයුරින් පරපෝෂිත පණුවන් සිටීම හේතුවෙන්, එම පරපෝෂිතයන් ඔහුගේ තුවාල අපවිත්‍ර කිරීම ඔහුගේ ඉක්මන් සුවයට බලපාන බව දකුණු කොරියානු වෛද්‍යවරු පවසති.
එමෙන්ම, මෙම තත්ත්වය උතුරු කොරියාවේ ජනජීවිතය මෙන්ම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ලෝකය හමුවේ අඳුරු පැතිකඩක් නිරූපණය කරන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.