උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවතින උණුසුම් වාග් සංග්‍රාමය යළිත් ඇවිලුණු පුවතක් විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු නායකයාගේ දීර්ඝතම ආසියානු සංචාරය අතරතුර මෙම වාග් සංග්‍රාමය සිදුවූ අතර, එහිදී උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබුනේ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මහලු යුද වැද්දෙකු බවය. එමෙන්ම, ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික වැඩසටහන කිසිලෙසකින් අවසන් නොකරන බවද හෙතෙම අවධාරණය කර තිබුණි.
ඇමෙරිකානු නායකයාගේ ආසියානු සංචාරයේ මුඛ්‍ය පරමාර්ථ අතර උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ අවසන් කිරීම මෙන්ම, උතුරු කොරියාවට එරෙහිව කලාපය බලමුළු ගැන්වීමද හේතු විය.
කෙසේ වෙතත්, උතුරු කොරියාව ඒ කිසිවක් මායිමට ගෙන නොමැති බව මෙම ප්‍රකාශයන් තුළින් පැහැදිලි වන්නේ යැයි දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර, උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ප්‍රශ්න කරන්නේ තමන් විසින් තරබාරු මිට්ටෙකු ලෙස උතුරු කොරියානු නායකයා කිසිවිටෙකත් හඳුන්වා දී නොමැති වාතාවරණයක මෙවැනි චෝදනාවක් තමන් වෙත කරන්නේ ඇයිද යන්නයි.