උතුරු කොරියාව විසින් සිදුකරන ඕනෑම මිසයිලයක් බිම හෙළීම සඳහා වූ යුද උපකරණ ඇමෙරිකාව විසින් ජපානයට සපයා ඇති බවත්, එවැනි මිසයිලයක් බිම හෙළීමේ හැකියාව මේ වනවිට ජපානයට ඇති බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ජපානයට පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙරටේ නායක දෙපළගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීම සිදුකළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, ජපාන අගමැති ෂින්සෝ අබේ පවසා සිටියේද අවශ්‍ය වුවහොත් එවැනි මිසයල ප්‍රහාරයක් ගුවනේදීම වළක්වාලමින් ඒවාට බාධා කිරීමේ හැකියාවක් මේ වනවිට ජපානය සතු බවයි.
උතුරු කොරියාව ආසන්න කාලසීමාව තුළ සිදුකළ මිසයිල අත්හදා බැලීම්වලදී ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ද්විත්වයක් අවස්ථා දෙකකදී එල්ල කරන්නට විය.
මේ තත්ත්වය තුළ ඇමෙරිකාවෙන් යුද අවි මිලදී ගනිමින් ජපානය සිය යුද ශක්තිය තරකර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ උතුරු කොරියාවෙන් ඕනෑම අවස්ථාවක එල්ල විය හැකි ප්‍රහාරයකට සූදානම් වීමක් ලෙසිනි.