උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජන වැළැක්වීම සඳහා දකුණු කොරියාව තුළ ස්ථාපිත කරන ඇමෙරිකානු මිසයිල නාශක පද්ධතියේ කිසිදු වෙනසක් නොවන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් අවධාරණය කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු සිදුකළ ප්‍රථම විදෙස් සංචාරය ලෙස දකුණු කොරියාවට පැමිණි මැටිස්ගේ ප්‍රකාශය උතුරු කොරියාව සම්බන්ධ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ප්‍රකට කළේය.
එමෙන්ම, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද මැටිස් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
විශේෂයෙන්ම ඇමෙරිකානු සතුරන් ලෙස එදා ඔබාමා පාලනය හැඳින්වූ උතුරු කොරියාවට ට්‍රම්ප් පාලනයේදී කිරි පොවනු ඇති බවට මැතිවරණ සමයේ පැවසූ කතා මේ සිදුවීම් සමග පුස්සක් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.