උතුරු කොරියානු ඒකාධිපති නායක කිම් ජොන්ග්-අන් තම රජයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම, ඔහුගේම මාමා වූ ජැන්ග් සොන්ග් තඒක් මරා දමා ඇත්තේ කැලෑ සුනඛයන් 120 දෙනෙකු ලවා ඉතා ම්ලේච්ඡ අන්දමින් ඔහුව සපාකෑමට ලක්කිරීමෙන් බව අනාවරණය වෙයි.
67 වැනි වියෙහි පසුවූ තඒක් හා ඔහුගේ සමීපතම ආධාරකරුවන් පස් දෙනෙකුට මේ ඉරණම අත්වී ඇති අතර, ඇඳුම් ගලවා නිරුවත් කළ තඒක් හා සෙසු පස් දෙනා දින තුනක් නිරාහාරව සිට ඇති කැලෑ සුනඛයන්ගේ කූඩුවට දමා ඇති බව පැවසෙයි.
'ක්වාන් ජූ' හෙවත් 'සුනඛයන් ලවා මරණය' නැමති දඬුවම අවසන් වී ඇත්තේ පැයක පමණ කාලයකින් බව මෙම පුවත අනාවරණය කළ චීනයේ 'වෙන් වෙයි පෝ' පුවත්පත පවසයි. ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමෙන් දේශපාලන සිරකරුවන් මරාදැමීමේ දඬුවමක් සාමාන්‍යයෙන් පැවතියද, මෙසේ ක්‍රෑර ලෙස තඒක් මරා දැමීම සම්බන්ධයෙන් උතුරු කොරියානු සමාජය තුළ දැඩි කලකිරීමක් ඇතිවී තිබෙන බවද එම පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.
කිම් ජොන්ග්-අන් සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම දඬුවම සජීවීව නරඹා ඇති අතර, උතුරු කොරියානු රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ලෙස කටයුතු කළ තඒක් තමන්ට තර්ජනයක් වනු ඇතැයි බියෙන් කිම් ජොන්ග්-අන් විසින් සිය මාමා මෙසේ මරා දමන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.