උතුරු හා දකුණු කොරියානු දේශසීමා ආසන්නයේදී උතුරු කොරියාවට අයත් බවට සැක කෙරෙන කුඩා ඩ්‍රෝන යානා තුනක් පසුගිය මාස කිහිපය තුළ සොයාගැනීමට හැකි වූ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
ඒ අනුව, මෙම යානා දැනටමත් ඇමෙරිකානු හා දකුණු කොරියානු ආරක්ෂක විශේෂඥයන් අතට පත්කර ඇති බවත්, ඔවුන් ඒවායෙහි වූ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද පැවසෙයි.
එරට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක කිම් මින්-සොඑක් පවසා සිටියේ මෙම යානා හමුදා ඔත්තු බැලීම් සඳහා යොදාගන්නට ඇති බවට විශ්වාස කෙරෙන බවයි.
කෙසේ වෙතත්, මෙම යානා තමන්ට අයත් යානා නොවන බව උතුරු කොරියාව පවසා ඇති අතර, මෙම යානා දේශසීමාවේ ස්ථාන කිහිපයකින් හමුවී ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මූලික පරීක්ෂණවලින් මෙම යානා උතුරු කොරියාවේ සිට පැමිණෙන්නට ඇති බව දකුණු කොරියාව විශ්වාසය පළ කරයි.