දැඩි උණ තත්ත්වයකින් පෙළීම නිසා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනට මෙවර නත්තල් දේව මෙහෙයට පැමිණීමට නොහැකි වී ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
මේ නිසා රැජිනට මාලිගයෙන් පිටතට නොගොස් ඇතුළතට වී සිටින ලෙස වෛද්‍යවරු උපදෙස් ලබාදී ඇති බව පවසන බකිංහැම් මාලිගය වැඩිදුරටත් සඳහන් කරන්නේ රජ පවුලේ නත්තල් සාදයට ඇය අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවයි.
මේ අතර, ෆිලිප් කුමරු පෙරටුව, චාල්ස් කුමරු, හැරී කුමරු සහ අනෙකුත් රාජකීයයන් නෝර්ෆෝල්ක් දෙව් මැදුරේ නත්තල් දේව මෙහෙයට සහභාගී වූහ.
මේ අතර, විලියම් කුමරු හා කේට් කුමරිය මෙවර බර්ක්ෂෙයර් දෙව් මැදුරේදී නත්තල් දේව මෙහෙයට සහභාගී වූහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)