උඩුකය නිරුවතින් පාපැදිවල ගමන් කළ සොහොයුරියන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග උඩුකය නිරුවත් කාන්තාවන් රැසකගේ මූලිකත්වයෙන් කැනඩාවේ විරෝධතාවක් පැවැත්වී තිබේ.
කැනඩාවේ, ඔන්ටාරියා හි වෝටර්ලූ නගරයේදී ඊයේ (01දා) පැවති "Bare with us" නමැති විරෝධතාවට කාන්තාවන් සිය ගණනක් සහභාගි වී තිබුණි.
පාපැදිවල ගමන් කිරීමේදී උඩුකය ආවරණය කරගන්නා ලෙස එහිදී පොලීසිය පවසා ඇතත්, උඩුකය නිරුවතින් ගමන් කිරීමට අධිකරණ අවසරයක් ලබාදී තිබියදී පොලීසියේ මෙම ක්රියාවට එරෙහිව ඔවුන් පොලීසියට එරෙහිවද චෝදනා ගොනුකර ඇත.
විරෝධතාවට එක්වූ කාන්තාවන් අත වූ බැනර්වල දක්නට ලැබුණේ, ‘ඒ පියයුරු, බෝම්බ නොවෙයි, බිය නොවන්න...’ හා ‘නිරුවත යනු ලිංගිකත්වය නොවෙයි...’ ආදී වූ වැකිය.