උතුරු කොරියාව විසින් සිදුකරන ලද බැලස්ටික් මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, ඒ වෙනුවෙන් ඉතා ඉක්මණින්ම සුදුසු පියවරක් ගන්නා බවද පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලක්සැම්බර්ග් රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ තානාපති සිල්වී ලූකස් විසින් පෙන්වා දී ඇත්තේ මෙය ආරක්ෂණ මණ්ඩලයේ ප්රඥප්තීන් උල්ලංඝනය කිරීමක් බවයි.
උතුරු කොරියාව පසුගිය ඊයේ සාගරයට ඉහළින් මැදි දුර නොඩොංග් මිසයිල දෙකක් මෙසේ අත්හදා බැලූ අතර, එය 2009 වසරේන් පසුව උතුරු කොරියාව විසින් සිදුකළ මෙවැනි ආකාරයේ ප්‍රථම මිසයිල අත්හදා බැලීම බවද කියවුණි.
උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල අත්හදා බැලීම ඇමෙරිකාව විසින් තහනම් කර තිබුණද, එය උතුරු කොරියාව ගණනකට ගෙන නොමති බව මේ හරහා ගම්‍ය වෙයි.