උ. කොරියාව හුදකලා කිරීමේ උපාය සාර්ථකයි - ඇමෙරිකාව
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් මුණ ගැසීමට උතුරු කොරියාව ගත් තීරණයෙන් උතුරු කොරියාව ලෝකය තුළ හුදකලා කිරීමට ඇමෙරිකාව ගත් ව්‍යායාමය සාර්ථකව ඇති බව ගම්‍ය වන්නේ යැයි ඇමෙරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසයි.
ඇමෙරිකාව විසින් කිසිදු ආකාරයක අවස්ථාවක් උතුරු කොරියාවට ලබානොදුන් බව පවසන උප ජනපතිවරයා, ඉදිරියේදීත් එරට තුළ න්‍යෂ්ටිකහරණය සිදුවන තුරු ඒ පීඩනය දිගටම ලබාදෙන බවද සඳහන් කර තිබේ.
ලබන මැයි මාසයේදී රාජ්‍ය නායක දෙපළ අතර හමුවක් පැවැත්වෙන බව සඳහන් වනවිට බොහෝ දෙනෙකු එයින් විමතියට පත්විය.
එනම්, මීට මාසයකට පෙර න්‍යෂ්ටික යුද්ධයක පෙර නිමිති පහළ කරමින් රාජ්‍ය නායක දෙපළ අතර වාග් යුද්ධයක් පැවති බව නොරහසකි.
එහිදී, මේ දෙපාර්ශ්වය කිසිදු අවස්ථාවක සාකච්ඡා මේසයකට ගෙන්වා ගැනීම අපහසු වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළහ.
නමුත්, අද වනවිට ට්‍රම්ප් උතුරු කොරියානු නායකයාගේ ආරාධනය පිළිගෙන ඇති අතර, මෙම හමුව ලෝක ඉතිහාසය උඩු යටිකුරු කරන ඓතිහාසික හමුවක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ට්‍රම්ප් පවසා ඇත්තේ දෙරටේ හමුව ලෝකයට මහත් යහපතක් ඇති කරනු ඇති බවයි. හමුව සිදුවන දිනය හා ස්ථානය ඉදිරියේදී ස්ථිර කරනු ඇති බවද හෙතෙම පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


