උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් දකුණු කොරියාව සමග ශක්තිමත් හා සමීප සම්බන්ධතාවක් ඇති කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව අවධාරණය කරයි.
දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් නුවර සිදුකළ ඓතිහාසික සංචාරයකදී උතුරු කොරියානු නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
ඔවුන් කිම් ජොන්ග්-උන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්ව ඇති බව කියැවෙයි.
කිම් ජොන්ග්-උන් බලයට පත්වීමෙන් පසුව ඔහු හමුවූ ප්‍රථම දකුණු කොරියානු රාජ්‍ය නිලධාරීන් පිරිස බවට මෙම දූත පිරිස සැලකෙයි.
සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළත් සමග කොරියානු අර්ධද්වීපයේ ඇතිවෙමින් පවතින සාමකාමී වාතාවරණයේ පළමු පියවර ලෙස මෙය සැලකෙයි.