ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අඛණ්ඩව සිදුකරන නවතම ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන බලධාරීහු චෝදනා කරති.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දකුණුදිග ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසක් හා අවන්හලක් වෙත එලල් කෙරුණු ප්‍රහාර හේතුවෙන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අනුව, සමස්තයක් ලෙස මේ වනවිට ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 80ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අද දිනයේදීද ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටි අතර, මීට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මේ අතර, ඊශ්‍රායල් - පලස්තීන වත්මන් ගැටුම් අතිශය අවදානම් තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා අවධාරණය කළේය.