ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක මුරපොළ දෙකකට ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් ප්රහරය්ක එල්ල කිරීමෙන් සොල්දාදුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහි උතුරුදිග නගරයක් වූ ෂෙයික් සුවෙයිඩ් හි සිට තුවක්කුකරුවන් මෙම මුරපොළ ඉලක්ක කර ප්රහාර එල්ල කර ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
මීට සති දෙකකට පෙර ඉස්ලාමීය අන්තවාදින් වෙත දියත් කළ ප්රහාරයට මෙම මුරපොළේ සොල්දාදුවන්ද සහභාගි වී ඇති බව පැවසෙන අතර, එම ප්රහාරයේදීද සොල්දාදුවන් 17 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය.
සිනායි හි ඊජිප්තු හමුදා ඉලක්ක කරමින් අන්තවාදීන් ප්රහාර මාලාවක් පසුගිය කාලයේදී දියත් කළේය.
එමෙන්ම, පසුගිය බ්රහස්පතින්දා තමන් ඊජිප්තු නාවික හමුදා නෞකාවකටද මිසයිල ප්රහාරයක් එල්ල කළ බව අන්තවාදීන් ඡායාරූප සහිතව පවසා සිටියේය.