(UPDATE) ඊජිප්තුවේ, උතුරුදිග සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක් වෙත එල්ල වූ ජිහාඩ් ත්රස්ත ප්රහාරයෙන් මියගිය පිරිස 300 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ පිරිස 100කට අධික බව ඊජිප්තු වාර්තා පවසයි. ඊජිප්තු ජනපති අබ්දුල් ෆටාහ් අල්-සිසී අවධාරණය කර ඇත්තේ ප්රහාරයට එරෙහිව තම උපරිම ශක්ති ප්රහාරයෙන් ප්රතිප්රහාර දෙන බවයි.
ඊජිප්තුවේ උතුරුදිග සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක් වෙත ජිහාඩ් අන්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ සහ වෙඩි ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 235 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අල් රවාඩා පල්ලිය බීර් අල් අබෙඩ් නගරයේ පිහිටා ඇති අතර, සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරතුර මෙම ප්රහාරය සැලසුම් කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
2013 වසරින් පසුව ජිහාඩ් අන්තවාදීන් විසින් එල්ල කරනලද අතිශය ම්ලේච්ඡ ප්රහාරයක් ලෙස මෙය සැකෙන අතර, ඊජිප්තු ජනපිත අබ්දුල් ෆටාහ් අල්-සිසී පවසා සිටියේ මෙම ප්රහාරයට එරෙහිව දැවැන්ත ප්රතිප්රහාරයක් සිදුකරන බවයි.
මෙම ප්රහාරයේ වගකීම කිසිදු ජිහාඩ් සංවිධානයක් භාරගෙන නොතිබුණද, මෙම පළාත තුළ මෙවැනි ම්ලේච්ඡ ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට චෝදනා පවතී.
ඔවුන් බොහෝ අවස්ථාවල ආරක්ෂක අංශ මෙන්ම, ක්රිස්තියානි පල්ලි ඉලක්ක කරයි.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව 4x4 රථයක පැමිණි තුවක්කුකරුවන් ජනයාගෙන් පිරීගිය පල්ලිය වෙත බෝම්බ ප්රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුව ඉන් පළායන පිරිස් වෙත වෙඩි වරුසාවක්ද එල්ල කර තිබේ.