මධ්‍යධරණී මුහුදේ ඇති ඊජිප්තු නාවික හමුදාවේ නෞකාවකට තමන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉස්ලාමීය රාජ්‍ය හා සම්බන්ධ සිනායි සටන්කාමීන් පවසයි.
නෞකාව වෙත මිසයිල ප්‍රහාරය පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය වෙත යොමු කරමින් ඔවුන් මෙසේ පවසයි.
මේ අතර, ඊජිප්තු බලධාරීන් පවසා සිටියේ වෙරළාසන්නයේ සිටි සටන්කාමීන් සමග වෙඩි හුවමාරුවක් සිදුවන අවස්ථාවේදී නෞකාවේ ගින්නක් ඇති වූ බවයි.
කෙසේ වෙතත්. මෙම ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදු නොවූ බවද ඊජිප්තු හමුදා පවසයි.