ඊජිප්තු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා තමන් හමුදාපති ධුරයෙන් ඉවත් වූ බව එරට හමුදා ප්රධානී ජෙනරාල් අබ්දුල් ෆටාහ් අවධාරණය කරයි.
මෙය වැඩි දෙනෙකු පුදුම කරවන ප්රවෘත්තියක් නොවුණේ හමුදා ප්රධානියා ජනාධිපති ධුරයට තරග කරන බවට මුල සිටම අනාවැකි පළ වීම නිසාය.
මන්දයත් ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සි ධුරයෙන් පහ කිරීම සඳහා වූ කුමන්ත්රණය මෙහෙය වූයේ ජෙනරාල් සිසී විසිනි.
එමෙන්ම, ඊජිප්තුවෙන් ලැබෙන තොරතුරුවලට අනුව මැතිවරණයෙන් හිටපු හමුදාපතිවරයා ජයග්රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බව කියැවෙයි.
මේ වනවිට ඔහුට පවතින ජනප්රියත්වයත්, ඔහු සමග තරග කිරීමට තරම් ප්රබල චරිතයක් පිතිවිරුද්ධ පක්ෂ සතුව නොවීමත් ඊට හේතුවය.