ඉස්ලාමීය අන්තවාදයේ විෂ නැසීම සඳහා බ්‍රිතාන්‍ය රජය විශේෂ සැලැස්මක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි.
අන්තවාදී අදහස් පරාජය කරන බව අවධාරණය කරන අගමැතිවරයා පෙන්වා දෙන්නේ, ඒකීයත්වය යටපත් වුවහොත් බ්‍රිතාන්‍යයේ සිය ගණනක් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග එක්විය හැකි බවයි.
එහිදී, තම දරුවන් අන්තවාදීන් සමග එක්වනු ඇති බවට සැකයක් ඇත්නම් ඔවුන්ගේ ගුවන්ගමන් බලපත්‍ර අවලංගු කිරීමට දෙමවුපියන් මැදිහත් විය යුතු බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.
එමෙන්ම සමාජ ඒකාබද්ධතාව ඇති කිරීමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා අවධාරණය කරයි.