ඉරානයේ, ටෙහෙරාන් අගනුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් සමග එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මහල් 17කින් යුතු මෙම ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ 200කට අධික පිරිසක් යොදවා තිබූ අතර, පැය කිහිපයක් පුරා ගින්න මැඬපැවැත්වීමට ඔවුන් උත්සාහ කළත් අවසානයේදී සම්පූර්ණ ගොඩනැගිල්ලම බිමට සමතලා විය. මේ සමගම ගිනි නිවීමේ යෙදී සිටි ගිනි නිවන භටයන් 25 දෙනෙකු අතුරුදන්ව ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත්, සහන කණ්ඩායම් හා විශේෂ සුනඛයන් යොදා ගනිමින් ජීවතුන් අතර සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවද විදෙස් වාර්තා පවසයි.
වර්ෂ 1962 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල ටෙහෙරාන් නගරයේ වූ උසම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන අතර, එය වෙළෙඳ සැල් හා ඇඳුම් මැසීමේ කර්මාන්ත ශාලාවක් ලෙසද යොදාගෙන ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ගොඩනැගිල්ල තුළ ආරක්ෂක තත්ත්වය ඉතාම අවම මට්ටමක පැවතී ඇති බවද කියැවෙයි.
.jpg)
.jpg)
.jpg)