ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ප්රබල ප්රතිචාරයක් දැකීවීමට නොහැකිව දේශපාලන අර්බුදයක සිටි ඉරාකය එකී දේශපාලන අර්බුදයෙන් ගොඩඑමින් නූරි අල්-මලිකි සිය අගමැති ධුරයෙන් ඉවත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
රජයේ රූපවාහිනිය හරහා විශේෂ ප්රකාශයක් කරමින් අගමැතිවරයා පවසා සිටියේ හයිදාර් අල්-අබාදි වෙත රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් තමන් ඉල්ලා අස්වන බවයි.
මීට පෙර ඉරාක ජනාධිපතිවරයා විසින් හයිදාර් වෙත රජයක් පිහිටුවන ලෙස ඉල්ලීමක් කළ අතර, ඒ පිටුපස ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිටින බව පැවසෙයි.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් උතුරුදිග ඉරාකය වෙත දරුණු ආක්රමණයක් කරමින් රටේ බහුතර කොටසක් අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණීම තුළ මලිකි රජය දැඩි පසුබෑමකට ලක්විය.
මේ වනවිට ඇමෙරිකානු ගුවන් ප්රහාර ඉස්ලාමීය අන්තවාදීන් වෙත එල්ල කිරීම අරඹමින් ඔවුන්ගේ ගමන යම් තරමකට අඩාල කර ඇතිමුත්, මෙම අර්බුදය සම්පූර්ණයෙන් විසඳීම සඳහා එරට දේශපාලන බලාධිකාරිය එක්ව ක්රියාත්මක වෙමින් ඔවුන් අඩපණ කළ යුතු බව ඔබාමා කීය.