ඉරාකයේ, ගිනිකොණදිග මොසුල් නගරයේ සිටි IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් එම පළාතෙන් පළවා හැරීමට අද (12දා) වනවිට ඉරාක හමුදා සමත් වී තිබේ.
මෙම කලාපය තුළ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිදුකෙරෙන මෙහෙයුම් අතිශය තියුණු ස්වරූපයක් ගන්නා බවද ඉරාක හමුදා පවසයි.
එහිදී, ඉරාක ෆෙඩරල් පොලීසියේ ක්ෂණික ප්රතිචාර ඒකකයන් සමර් දිස්ත්රික්කය තුළ ඉදිරියට ඇදෙමින් සිටින බවත්, එහි එක් ඉවුරක් ටයිග්රිස් ගංගාවට මායිම් වන බවත් කියයි.
පසුගිය සති කිහිපය පුරාවට ඉරාක හමුදා මොසුල් නගරය ආශ්රිත අත්පත් කරගත් ප්රදේශවලට වඩා මෙම මෙහෙයුමේදී ඔවුන් තරමක් වේගය අඩාලව මෙහෙයුම් සිදුකරගෙන යන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මොසුල් නගරය ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් සතුව ඉරාකයේ ඇති අවසන් බලකොටුව වන අතර, මෙහි බලය රැකගැනීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක නිරතව සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
.jpg)