ඉරාක නව අගමැති හයිදර් අල්-අබාදි විසින් සිදුකිරීමට සැරසෙන දේශපාලන හා හමුදා ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් තම සහාය ලබාදෙන බව ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ISIS ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ඇමෙරිකාව ඇරඹීමට යන සටන වෙනුවෙන් මැදපෙරදිග සහාය ලබාගැනීමේ අරමුණින් සංචාරයක නිරත ජෝන් කෙරී ඉරාක අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වමින් මෙම අදහස් පවසා තිබේ.
සුන්නි අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව විසින් ප්රහාර දියත් කරන බව පවසා පැය 48ක් යන තැන හයිදර් එක්සත් රජයක් ඉරාකය තුළ පිහිටුවීමට කටයුතු කළේය.
කෙසේ වෙතත්, නැගෙනහිර බැග්ඩෑඩයේ පුපුරා ගිය කාර් බෝම්බ වැලක් හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, බරැක් ඔබාමාද ISIS අන්තවාදීන්ට එරෙහිව දියත් කරන ඇමෙරිකානු සැලැස්ම සම්බන්ධයෙන් ප්රකාශයක් කිරීමට නියමිතව තිබේ.