ප්‍රංශය ජාතියක් ලෙස යළි එක්සත් කරමින්, ජර්මනිය සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව ප්‍රංශ ජනාධිපතිවරණ ව්‍යාපාරය කැලඹූ මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක ඉමානුවෙල් මැක්රොන් විශේෂ දේශනයක් පවත්වමින් අවධාරණය කරයි.
ප්‍රංශයේ නැගෙනහිර නගරයක් වූ ලයොන් නගරයේ සිට ජනතාව අමතමින් ඉමානුවෙල් තවදුරටත් පවසා සිටියේ එරට ආරක්ෂක වියදම් ඉහළ නංවමින් රටේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය වසරේදී තමාගේම පක්ෂයක් සමග ප්‍රංශ ජනපතිවරණ සටනට පිවිසි හිටපු සමාජ ආර්ථික අමාත්‍යවරයා වන ඉමානුවෙල් වෙත මේ වනවිට ජන ආකර්ෂණයක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශය එලැඹෙන අප්‍රේල් 23 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට යෑමට නියමිත අතර, එය දශක කිහිපයක ඉතිහාසයේ වඩාත් විවෘත ජනාධිපතිවරණ සටන වනු ඇති බවද කියැවෙයි.
එරට වත්මන් ජනපති ෆ්‍රංෂුවා හොලන්දේ දෙවැනි වර ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් නොවීමට තීරණය කරීමත් සමග මෙම මැතිවරණ උණුසුම වඩාත් තීව්ර වී තිබේ.