බටහිර අප්‍රිකාවේ වේගයෙන් පැතිර යන ඉබෝලා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඇ.ඩො.බිලියනයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බවත්, එය වර්තමානයේ මුහුණදෙන දැවැන්ත අර්බුදයක් බවත් එක්සත් ජාතීන් පවසයි.
ඉබෝලා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා පවසන්නේ වෛරසය පැතිර යන වේගය අනුව පසුගිය මාසය වනවිට ඒ වෙනුවෙන් අවශ්‍ය වූ අරමුදල් දස ගුණයකින් වැඩි වූ බවයි.
මේ වනවිට ඉබෝලා හේතුවෙන් බටහිර අප්‍රිකාවේ පුද්ගල මරණ 2,461ක් වාර්තා වන අතර, එය වෛරසය ශරීරගත වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වෛරසය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට විවේචන පවතී.