මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ලයිබීරියාවේ අගනගරය වන මොන්රෝවියා හි රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පණවමින්, රෝග නිවාරණ විශේෂ මෙහෙයුමක් සිදුකරන බව වාර්තා වෙයි.
ලයිබීරියානු ජනාධිපතිනී එලෙන් ජොන්සන් පෙන්වා දෙන පරිදි මෙම ඇඳිරි නීතිය රාත්‍රී 9.00 සිට අලුයම 6.00 දක්වා බලපැවැත්වෙන බවයි.
රෝගය බහුලව පවතින ප්‍රදේශ වෙත දැඩි අවධානයක් යොමු කරමින් මෙම නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ඇය පවසයි.
මේ අතර, ඉබෝලා වෛරසය ශරීරගත වූවන් වෙන ලබාදුන් අත්හදා බැලීමේ ඖෂධය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බවද වාර්තා වෙයි.
විශේෂයෙන්ම ඉබෝලා වැළඳුණු වෛද්‍යවරු තිදෙනෙකුට ලබාදුන් ප්රතිකාරවලින් පසු ඔවුන් යහපත් ප්‍රතික්‍රියාවක් දක්වන බව ලයිබීරියානු තොරතුරු අමාත්‍යවරයා පවසා තිබේ.