මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ඔක්තෝබර් 13 වැනිදා දක්වා නයිජීරියාවේ සියලුම පාසල් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
එරට, නව පාසල් වාරය එළැඹෙන සඳුදා ආරම්භ වීමට තිබුණි.
මේ අතර, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග ලබාදී ඇත්තේ මෙම වසා දැමුණු පාසල් තුළ රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වෙන බවය.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාව තුළ ඉබෝලා හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගිනියාව, ලයිබීරියාව හා සියෙරා ලියෝන් යන සෙසු රාජ්‍යයන්ද සැලකීමේදී මියගිය පිරිස 1,400ක් බව පැවසෙයි.