බටහිර අප්‍රිකාවේ පැතිර යන ඉබෝලා වෛරසය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඊට එරෙහිව ඇමෙරිකාව දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කරන බවත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
මේ අවස්ථාවේ ලෝකය ඇමෙරිකාව දෙස බලනවා. නමුත්, මේ වෙනුවෙන් ගෝලීය ප්‍රතිචාරයක් ලැබිය යුතුයි. යනුවෙන් ඔබාමා පවසයි.
මේ යටතේ, කලාපය වෙත ඇමෙරිකානු සෙබලු 3,000ක් යවමින්. නව සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමටත් ඇමෙරිකානු රජය බලාපොරොත්තු වෙයි.
ඉබෝලා හේතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 2,461ක් මෙම වසර තුළදී පමණක් අහිමි වී ඇති අතර, එය රෝගය වැළඳුණු පිරිසෙන් අඩක ්බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.