ඉන්දියාව විසින් නිෂ්පාදනය කළ ශබ්දයේ වේගයෙන් ගමන් කරන ලද නවතම කෘස් මිසයිලය වන බ්‍රහ්මෝස් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දියාව පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමම් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් කරමින් එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
ඉන්දියාව හා රුසියාව අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සිදුකළ බ්‍රහ්මෝස් මිසයිල ව්‍යාපෘතියේ ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවද අමාත්‍යවරිය සඳහන් කර ඇත.
අත්හදා බැලීම් සඳහා බෙංගාල බොක්කට ඉහළ අහසේ සිට ප්‍රහාරක ජෙට් යානයක සිට මෙම මිසයිලය මුදාහැර ඇති අතර, මෙය ගුවනේ සිට මෙන්ම, ගොඩබිම හා දියමත සිට ප්‍රහාර එල්ල කිරීමටද යොදාගත හැකි මිසයිලයක් බව විශ්ලේෂකයෝ පවසති.