ඉන්දියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමක් සමග ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
චට්ටිස්ගාරාහ් ප්රාන්තයේ වානේ කර්මාන්ත ශාලාවක් ආසන්නයේ ජල නල පද්ධතියක සිදුකරමින් පැවති අලුත් වැඩියාවකදී මෙම පිපිරීම සිදුවී ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවත්, තවදුරටත් ජීවිත හානි බලාපොරොත්තු විය නොහැකි බවත් වාර්තා වෙයි. නමුත්, මේ සම්බන්ධයෙන් වානේ කර්මාන්තශාලාව තවම පැහැදිලි ප්රකාශයක් ඉදිරිපත් කර නැත.
මෙම ගෑස් කාන්දුව හේතුවෙන් පුද්ගලයන් 30ක් පමණ රෝහල්ගත කර තිබුණි.