පුරා මාසයකට වැඩි කාලයක් නොකඩවා පැවැත්වෙන ලෝකයේ විශාලතම මැතිවරණය වන ඉන්දියානු මැතිවරණයේ හතරවැනි අදියර සඳහා ඡන්ද දායකයෝ ඡන්ද පොළවල් කරා ඇදෙමින් සිටිති.
ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියෙරේදී සීකිම් නමැති කුඩා හිමාලයානු ප්‍රාන්තයෙහි ඡන්ද විමසීම අද (12දා) සිදුකෙරිණි. මෙම සිකිම් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන්කර ඇති බව කියැවෙයි.
සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන්කර ඇති මෙම ආසනය ‘සංඝ’ යනුවෙන් නම් කර ඇති අතර සිකීම් ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථාන 51කට අයත් භික්ෂුන් වහන්සේලා 3,096 නමක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. භික්ෂුණීන් වහන්සේලා 34 නමක්ද මීට ඇතුළත් බව පැවසේ.
ඕනෑම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම පක්ෂ සලකුණක් යටතේ තරඟ කිරීමට අවස්ථාව ලැබෙන අතර ඡන්දය දෙන ස්වාමීන් වහන්සේලා ගේ පහසුව පිණිස කාන්තාවන්ට වෙනම පෝලිමකින් ගොස් ඡන්දය දීමට කටයුතු සලස්වා තිබේ.
එහෙත් පැවිදි පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම අනුමත නොකරන ඇතැම් භික්ෂුන් වහන්සේලා පවසන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් බවයි.
ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ද සීකිම් ජාතික භික්ෂුවකි.
මෙම මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීම්ද වාර්තා වන අතර, එහිදී මධ්‍යම ඉන්දියාවේ ‘චට්ටිස්ගාර්’ ප්‍රාන්තයේදී මාවෝවාදී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 12කු මියගොස් ඇති බව වාර්තා වෙයි.