පූස් පැටවුන්ගේ දිවි තොර කිරීමක් විදහා දැක්වෙන ආකාරයේ රූප සටහනක් ඉන්දීය පෞද්ගලික පාසල් විද්‍යා පෙළ පොත්වල සටහන් වීමෙන් දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ.
පෙට්ටි දෙකක් යොදාගෙන එක් පෙට්ටියක සිදුරු ඇති කරමින්ද, අනෙක් පෙට්ටියේ සිදුරු නොමැතිවද පූස් පැටව් දෙදෙනෙකු එම පෙට්ටි දෙකෙහි බහා පරීක්ෂණයක් සිදුකරන ආකාරය මෙම විද්‍යා පෙළ පොත්වල විස්තර කර තිබී ඇත.
කෙසේ වෙතත්, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් තර්ක කරන්නේ මේ තත්ත්වය දරුවන්ගේ මෙන්ම සතුන්ගේද ජීවිත අවදානමේ හෙලන්නක් බවයි.
ඒ අනුව, බොහෝ පෞද්ගලික පාසල් මේ වනවිටත් අදාළ පෙළ පොත්වල එම පිටු ඉරා දමමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.