ඉන්දීය දුම්රියක් පැයට කිලෝමීටර් 160ක වේගයකින් වැරදි දිශාවට ගමන් කරමින් තිබියදී තමන් තිගැස්සී ඇහැරුණු බව එරට ගොවීන් පිරිසක් මාධ්‍යයට පවසා තිබේ.
දිල්ලියේ පැවති විරෝධතාවකට සහභාගී වී බටහිර මහාරාශ්ට්ර ප්‍රාන්තය වෙත යළි ගමන් කරමින් සිටියදී මෙම ගොවීන් පිරිස ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ සංචාරයෙන් පැය කිහිපයකට පසුව ඔවුන්ට වැටහී ඇත්තේ තමන් ගමන් ගන්නා දුම්රිය වැරදි දිශාවට ගමන් කරන බවයි.
කෙසේ වෙතත්, ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ගොවීන් පවසන්නේ මෙම දුම්රිය උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන් සහ ගුජරාට් යන ප්‍රාන්ත පසු කරමින් මහාරාශ්ට්ර වෙත ගමන් කිරීමට නියමිතව තිබූ බවයි.
නමුත්, මෙම මාර්ගය ඔවුන් නොදැනම වෙනස්ව ඇති බව ගොවීහු චෝදනා කරති.
ඒ අනුව, දුම්රිය මධ්‍ය ප්‍රදේශ් හි කුඩා දුම්රිය ස්ථානයක නතර කළ අවස්ථාවේදී මෙම ගොවීන් පිරිස ඉන් බැස විරෝධතාවක් පවත්වා ඇති බව කියැවෙයි.
ඉන්දියාවේ දුම්රිය සම්බන්ධයෙන් මෙවැනි චෝදනා මෙන්ම, දුම්රිය අනතුරු සම්බන්ධයෙන්ද වරින් වර අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.