සුප්‍රකට ඉන්දීය ජාතික ගත්කතුවරයෙකු වූ කුෂ්වාන්ත් සිං මහතා අවුරුදු 99ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි.
හාස්‍යය සහ උත්ප්රාසය දනවන ආකාරයට සමාජ ගැටළු විමසුමට ලක් කරමින් ඔහු විසින් රචිත පුවත් පත් තීරු ලිපි ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් අතරේ අතිශයින් ජනප්‍රිය වූ ඒවාය.
කුෂ්වාන්ත් සිං මිය යන තුරුම ලිවීම නතර නොකළ අතර, ෂික් ජාතිකයෙක් ලෙස ඔහු උපත ලැබුවේ දැනට පාකිස්තානයට අයත් කොටසකය. ඒ වනවිට ඉන්දියාවත් පකිස්තානයත් බෙදාවෙන් කොට නොතිබුණු බව කියැවෙයි.
ඉන්දියාවත් පකිස්තානයත් බෙදාවෙන් කිරීමේදී හට ගත් හින්දු-මුස්ලිම් වාර්ගික ගැටුම් කුෂ්වාන්ත් සිංගේ වඩාත් ප්‍රකට කෘතිය සේ සැලකෙන ‘අන්තිම දුම්රියට’ පාදක වී ඇති බවද කියැවෙයි.
ඉන්දීය ආණ්ඩුව අම්රිත්සාර්හි පිහිටි ෂික් වරුන්ගේ රන් දෙවොලේ රැස්ව සිටි සන්නද්ධ පිරිස්වලට 1984 දී එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කළ කුෂ්වාන්ත් සිං, ගරු කිරීමක් වශයෙන් තමන් වෙත ඉන් පෙර පිරිනමා තිබූ ඉන්දීය පුරවැසි සම්මානයද ආපසු හරවා යැවීමට තරම් සෘජු භූමිකාවක් විය.