ඉන්දීය පාකිස්තාන දේශසීමාවේ කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දියාවට අයත් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව පාකිස්තාන හමුදාව පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් රුසියාවේ පැවති සමුළුවක් අතරතුර මුණ ගැසී දෙරට අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් සාකච්ඡා පවත්වා සතියක් ගතවීමටත් පෙර මෙම සිදුවීම වාර්තා වෙයි.
කෙසේ වෙතත්, තම හමුදාවට අයත් කිසිදු ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කර හෝ අනතුරට ලක්ව නොමැති බව ඉන්දීය හමුදා අවධාරණය කරයි.