රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරෝධය පා ඉහළ වැටුප් ඉල්ලමින් ඉන්දියාවේ වැඩකරන ජනතාව මිලියන ගණනක් වැඩවර්ජනයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බැංකු, රජයේ කාර්යාලය, කර්මාන්ත ශාලා වසා දමා ඇති බවත්, පොදු ප්‍රවාහන සේවා ඇන හිටීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, ඉන්දීය රජය පවසන්නේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.
නමුත්, එරට වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ රජය කිසිම ආකාරකින් එරට වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ගැන සලකා නොබලන බවයි.
එමෙන්ම, රජයේ විශ්‍රාම වැටුප් අරමුදල් වැඩි වශයෙන් කොටස් වෙළෙඳ පොළේ යෙදවීම සඳහා වූ රජයේ නව යෝජනා කෙරෙහිද වෘත්තීය සමිති දැඩි විරෝධයක් දක්වා තිබේ.