ඉන්දියාවේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම දුම්රිය හර්දා නගරයේදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය පාලමක් කැඩී යාමෙන් පීලිපැනීම සිදුව ඇත.
පාලම කැඩී යාමත් සමග දුම්රිය මාර්ගයද ජල පහර හේතුවෙන් කැඩී යාම මෙම අනතුරට හේතුව බවත්, තවත් 25කට ආසන්න පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවත් ඉන්දීය වාර්තා පවසයි.
වර්නාසි සිට මුම්බායි දක්වා ගමන් කරමින් තිබූ කමයානී එක්ස්ප්‍රස් දුම්රිය හා ඊට ප්‍රතිවිරුද්ධ අන්තයට ගමන් කළ ජනතා එක්ස්ප්‍රස් දුම්රිය මෙසේ පිලී පැනීමෙන් අනතුරට ලක්ව ඇත.