ඉන්දියාවේ, බැංගලෝරයේදී වයස අවුරුදු 17ක තරුණියක සමූහ දූෂණයට ලක්කළ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
දින 10ක කාලයක් හෝටල් කාමරයක රඳවා තබා ගනිමින් මෙම තරුණියව දූෂණය කර තිබූ බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තරුණිය රඳවා තබාගත් හෝටලයේ හිමිකරුද ඒ අතර වන බව කියැවෙයි.
සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු තරුණියගේ මිතුරෙකු වන අතර, සාදයකට කැඳවාගෙන යන බව පවසමින් මෙම තරුණිය හෝටලය වෙත රැගෙන ගොස් ඇත්තේ ඔහු විසිනි.
පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා නිවසින් අතුරුදන්ව ඇති දැරිය පිළිබඳව ඇගේ දෙමවුපියන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ ඔක්තෝබර් 30 වැනිදා බවත් පොලීසිය කියයි.
මෙම තරුණිය බාල වයස්කාරියක් නිසා ළමා ආරක්ෂණ පනත යටතේ ස්ත්‍රී දූෂණය හා පැහැරගෙන යාම යන චෝදනා යටතේ මෙම අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව පොලීසිය පවසයි.
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීම් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට වසර කිහිපයකට පෙර දිල්ලියේ බස් රථයක් තුළදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණය ලක්කර මරා දැමීමේ සිදුවීම තුළ ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි විරෝධතාවක් මෙන්ම, නීති සම්පාදනය කෙරිණි.
කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ පවා තවදුරටත් ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණය අවසන්ව නොමැති බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසති.