ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ඇද හැලුණු මෝසම් වර්ෂාවත් සමග එරට ජීවිත, දේපොළ මෙන්ම වටිනා දියමන්තිද ගංවතුරේ ගසාගෙන ගොස් තිබේ.
ප්‍රාන්තයේ නිල දත්තවලට අනුව පුද්ගලයන් 82 දෙනෙකු පමණ ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියවුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව පැවසෙයි.
දියමන්ති ඔප දැමීම සඳහා ඒවා කර්මාන්තශාලාවල සිට රාත්‍රී කාලයේදී නිවෙස්වලට ගෙන යෑමේ සම්ප්රදායක් පැවතීම හේතුවෙන් ගංවතුර සමග ඒවාද ගසාගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.