ඉදිරියට ගත් පියවර පසුපසට නොගන්නා බව ට්‍රම්ප් කියයි
රාජ්‍යයන් හතකින් සරණාගතයන් පැමිණීම වළක්වාලමින් ට්‍රම්ප් ජනපති විසින් ගනුලැබූ විධායක නියෝගයට එරෙහිව අධිකරණ නියෝගයක් මෙන්ම, විරෝධතා රැළි පැමිණියත් ට්‍රම්ප් පාලනාධිකාරිය ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ධවල මන්දිරය පවසයි.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති ට්‍රම්ප් පවසන්නේ අනාගතයේදී යළි වීසා ලබාදීම සිදුවනු ඇති බවයි. නමුත්, එය අතිශය ආරක්ෂාකාරී ප්‍රතිපත්ති යටතේ සිදුවනු ඇති බවත්, මෙය හුදෙක්ම මුස්ලිම්වරුන් ඉලක්ක කළ තහනමක් නොවන බවත් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය ඇතැම් බටහිර රාජ්‍යයන් හි දෝෂ දර්ශනයට ලක්වුවත්, තවත් පිරිස් ඊට සහාය දක්වමින් සිටියි.
මේ අතර, ඇමෙරිකාවේ ප්‍රාන්ත 16ක නීතිපතිවරු පවසා ඇත්තේ මෙම නියෝගය ව්‍යවස්ථානුකූල නොවන බවයි. එමෙන්ම, ඇතැම් දිස්ත්‍රික් විනිසුරුවන් විසින් දැනටමත් සරණාගත වීසා ලාභීන් රටින් පිටුවහල් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝග ලබාදී තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙම විධායක නියෝගය පසුගිය සිකුරාදා අත්සන් කරනු ලැබූ අතර, එමගින් ඇමෙරිකානු සමස්ත සරණාගත වැඩසටහන දින 120ක් හෙවත් මාස 4ක කාලක් අත්හිටුවනු ලැබීය. මේ අතර, සිරටියානු සරණාගයන් ඇතුළු බහුතර මුස්ලිම්වරුන් වෙසෙන රාජ්‍යයන් හතකින් පැමිණෙන සරණාගතයන් පැමිණීමද අත්හිටවනු ලැබීය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

