මධ්‍යම ඉතාලියේ හෝටලයක් වෙත හිම කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අබ්රෘස්සෝ ප්‍රදේශයට ආසන්න ග්‍රෑන් සස්සෝ කඳු වළලල් ආශ්‍රිතව පිහිටි රිගෝපියානෝ හෝටලය මෙම අනතුරට මුහුණ පා තිබුණේ, එම කලාපයට බලපෑ භූ කම්පනයක නිසාවෙනි.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා දිවා රෑ නොබලා සහන සේවකයන් කටයුතු කරන අතර, දැනට පුද්ගලයන් දෙදෙනෙකු ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට හැකිවී තිබේ. අනෙක් සියලු දෙනා හිම යට සිරවී ඇති බව විශ්වාස කෙරෙයි.
සහන සේවාවල යෙදෙන නිලධාරියෙකු පවසා තිබුණේ මෙම අනතුරින් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.
.jpg)
.jpg)