ඇෆ්ගනිස්ථානයට ජනපතිවරයෙක් හා ප්රධාන විධායකයෙක්
ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අෂ්රෆ් ඝානි සහ අබ්දුල්ලා අබ්දුල්ලා අතර බලය බෙදාගැනීම පිළිබඳව සලකා බැලෙන බවත්, එසේ බලය බෙදීමක් සිදුවන්නේ නම් ජනාධිපති තනතුර සහ මෑතකදී නිර්මාණය කළ අලුත් නිලයක් වන ප්රධාන විධායක ධුරය දෙදෙනා අතර බෙදී යනු ඇති බව පැවසෙයි.
ඇෆ්ගනිස්ථානයේ අවසාන ඡන්ද විමසීම් වාරය පැවත් වී මාස 3කට පසුව ජනාධිපතිවරණයේ අවසන් ප්රතිඵල අද (21දා) නිකුත් කරන බව ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන අතරතුර මෙම අදහස් පළ විය.
ජනාධිපතිවරණය සඳහා තරග වැදුණු ප්රතිවාදී අපේක්ෂකයන් වන අෂ්රෆ් ඝානි සහ අබ්දුල්ලා අබ්දුල්ලා යන දෙදෙනාම තමන් ජයග්රාහකයන් බව ප්රකාශ කිරීම හේතුවෙන් මෙසේ ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලට බාධා පැමිණෙමින් ප්රතිඵල නිකුත් කිරීම මෙතරම් ප්රමාද විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

