ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ඇෆ්ගන් සේවකයන් හය දෙනෙකු IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ජොව්ස්ජෑන් පළාතේ, ක්යුෂ් ටේපා ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා තහවුරු කර තිබේ.
එමෙන්ම, තවත් රතු කුරුස සේවකයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් පැහරගෙන යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුව විසින්ද මෙම මරණ තහවුරු කර ඇති ඇතත්, මෙය කවුරුන් විසින් සිදුකළේද යන්න ඔවුන් තවම තහවුරු කර නොතිබෙන බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය තුළ වර්ෂ 2015 සිට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන අතර, ඔවුන් කාබුල් නගරය තුළ මෙන්ම නැගෙනහිර කලාපයේද ප්‍රහාර රැසක් සිදුකළේය. නමුත්, ජොවුස්ජෑන් ප්‍රහාරයේ වගකීම ඔවුන් මෙතෙක් භාරගෙන නොතිබීමද විශේෂත්වයකි.