ඇෆ්ගනිස්තානයේ උතුරුදිග බැග්හ්ලන් පළාතේ ක්ෂණිකව ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව වාර්තා වෙයි.
එම පළාතේ ගුසාර්ගා ඉ නූර් දිස්ත්රික්කයේ දරුණු ගංවතුර තත්ත්වයක් දක්නට ලැබුණු බවත්, එය පළාතේ අගනුවර වෙන පූලි ඛුම්රි සිට කිලෝමීටර් 140ක් පමණ උතුරට වන්නට පිහිටි ප්රදේශයක් බව කියැවෙයි.
පොලීසිය පෙන්වා දෙන පරදි මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් හා දරුවන්ය. මේ අතර, තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවද පොලීසිය පවසයි.
පසුගිය සති කිහිපයේදීද ඇෆ්ගනිස්තානයේ උතුරුදිග පළාත් මේ ආකාරයේ ක්ෂණික ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන් අතර, එය දහස් ගණනක් වූ ජනතාවට දැඩි බලපෑමක් ඇති කරන්නක් විය.
වැසි සමය ආරම්භ වීමත් සමග ඇෆ්ගනිස්තානයේ මේ ආකාරයේ වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවත්, ඒ සමගම ගංවතුර හා කඳු නායයෑම් මීට පෙරද සිදුව ඇති අතර, අවිධිමත් නිවාස ඉදිකිරීම් හා ආරක්ෂිත පියවර නොගැනීමෙන් ජීවිත හානි වැඩිවන බවද විදෙස් පුවත් සේවා පවසයි.