ඇෆ්ගනිස්ථාන හමුදා සොල්දාදුවෙකු කාබුල් නුවර බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන හමුදා ඇකඩමිය ආසන්නයේදී සිදුකළ විවෘත වෙඩි තැබීමකින් ඇමෙරිකානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නේටෝ හමුදාට අනුයුක්ත, ඇමෙරිකානු මේජර් ජෙනරාල්වරයෙකු බව හඳුනාගෙන තිබේ.
තුවාල ලැබූ පිරිස අතර ජර්මානු හමුදා ජෙනරාල්වරයෙකුද සිටින බව වැඩිදුරටත් පැවසෙයි. නිල නොලත් ආරංචි මාර්ග අනුව තුවාලකරුවන් අතරින් වැඩි දෙනා ඇමෙරිකානු ජාතිකයන් බව කියැවෙයි.
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ, පෙර කී ඇෆ්ගනිස්ථාන හමුදා සොල්දාදුවාද පසුව සිදුකළ පසුව සිදුකළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මීට වසර තුනකට පෙර බඳවාගෙන තිබූ මෙම සොල්දාදුවා හමුදා කඳවුරේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.