ඇෆ්ගනිස්තානය තුළ වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් පණිවුඩ සේවා අවහිර කිරීමට කටයුතු කිරීම ගැන එරට මධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මෙන්ම සමාජජාල භාවිත කරන්නන් ඇෆ්ගන් රජයට දැඩිව චෝදනා කරයි.
ඇෆ්ගනිස්තානයේ ප්‍රධානතම පුවත්පතක කර්තෘවරයෙකු පවසා සිටියේ මෙය අතිශය ප්රතිගාමී පියවරක් බවත්, එය වහා ඉවත්කිරීමට රජය කටයුතු කළ යුතු බවත්ය.
මෙම පණිවුඩ සේවා එරට ක්‍රියාත්ම තලේබාන් සංවිධානය සහ අනෙකුත් මූලධර්මවාදී සංවිධානවල සන්නිවේදන කටයුතු අඩාල කිරීමේ පියවරක් විය හැකි බවද සඳහන් විය.
කෙසේ වෙතත්, මෙය තාක්ෂණික ගැටලුවක් නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් සිදුකළ තාවකාලික අත්හිටුවීමක් බව එරට වැඩබලන විද්ලි සංදේශ අමාත්‍යවරයා කියා තිබුණි.