ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඕමාර් එරට රජය සමග සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාමදාන් සමයේදී තලේබාන් නායකයා මෙසේ සාම සාකච්ඡාවලට නිවේදනයක් නිකුත් කර ඇති අතර, තම සතුරන් සමග සාමකාමී සබඳතාවක් පැවැත්වීමට ඉස්ලාමය බාධා නොකරන බවද පවසා ඇත.
මේ අතර, ඇෆ්ගන් රජයේ නියෝජිතයන් පසුගිය සතියේදී තලේබාන් සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසුණත්, එම සාකච්ඡා බිඳ වැටුණි.
මේ අතර, තලේබාන් සංවිධානය එරට ආරක්ෂක අංශ වෙත ප්රහාර එල්ල කරන්නට විය.